විදුහල්පති පණිවිඩය
ජයම්පති බණ්ඩාර මහතා
වර්තමානයේ දී නව ජාතික පාසල් ව්‍යාපෘතිය, ද්විතීක අධ්‍යාපන ආංශික සංවර්ධන ව්‍යාපෘතිය, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරවන පාසලකි.
"ජාතියේ ජීව ගුණය වැඩි කිරීමට උරදෙන දරුවෙක්" යන දැක්මට ගුරුවරුන් සිසු දරුවන්, දෙමව්පියන් අනුගත වී සිටින අතර ජාතියක් සහ අන්තර්ජාතික වශයෙන් වටිනාකමක් ඇති අත,හිස,හදවත පරිපූර්ණ මානවයෙන් බිහිකිරීමට සියලු දේනා පෙළගැසී වැඩ කරයි. ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට දායක කර ගත හැකි භෞතික සම්පත් සියල්ලම පාහේ අතීතයේදී "ඉසුරු පාසල්" ව්‍යාපෘතියෙන් මෙම පාසලට දායාද කර ඇත. සියලු සම්පත් වලින් අනූන, අභිමානවත් ගුරුවරු සමූහයක් සිටින, යහපත් ඉලක්කයන් හඳුනාගෙන තම දූ පුතුන් මෙහෙයවන දෙමාපියන් පිරිසක් සිටින මෙම පාසලේ විදුහල්පතිවරයක් ලෙස කටයුතු කිරීම භාග්‍යයක් වන අතර පාසල දිනෙන් දින සෞභාග්‍යමත් වේවායි පතමි.
ජයම්පති බණ්ඩාර මහතා
විදුහල්පති
කෑ/මාව/පරාක්‍රම මහා විද්‍යාලය.





